සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
වත්මන් ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම සමස්ත ආර්ථිකයද බිඳවැටී තිබූ රටක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පොළොන්නරුවේ පැවති ගොවි රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පසුගිය පාලන සමයේ අතරමඟ නතරව තිබූ සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට වත්මන් රජය පියවර ගත් බවයි.
රට බංකොලොත්භාවයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර ණයහිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම රටේ ආර්ථිකය ස්ථාවර කිරීම රජය හමුවේ තිබූ ප්‍රධාන අභියෝගයක් වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ වනවිට තෙල් පෝලිම්, ගෑස් හිඟය සහ විදුලි කප්පාදු පිළිබඳ බියකින් තොරව ජනතාවට ජීවත් විය හැකි තත්ත්වයක් නිර්මාණය කර ඇති බව පැවසීය.
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගිය අවස්ථාවක පවා මෙරට තෙල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන ගිය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
“රුපියල් 507ක් වූ ඩීසල් ලීටරය රුපියල් 100ක සහනාධාරයක් ලබාදී රුපියල් 407කට ලබාදුන්නා” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි සහ මැදපෙරදිග අර්බුදය හමුවේද මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරමින් ජන ජීවිතය ආරක්ෂා කළ බව පවසන ජනාධිපතිවරයා, අභ්‍යන්තර හා බාහිර අර්බුදවලට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟා ඇති බව වැඩිදුරටත් අවධාරණය කළේය.


