Type Here to Get Search Results !

සුළු රෝගවලට ලොකු රෝහල්වලට යන එක නවත්වනවා.. ප්‍රධාන රෝහල්වලට යන්න වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය වෙයිද? - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

සෞඛ්‍ය සේවයේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා බේරුවලදී කළ ප්‍රකාශය අනුව, පවුලකට වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගත හැකි “ආරෝග්‍යා මධ්‍යස්ථාන” දහසක් රට පුරා ස්ථාපිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙහි අරමුණ ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශ වසා දැමීමක් හෝ රෝගීන්ට රෝහල් වෙත පැමිණීම තහනම් කිරීමක් නොවන බවයි.

ඒ වෙනුවට සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝග සඳහා විශාල රෝහල්වලට අනවශ්‍ය ලෙස පැමිණෙන රෝගීන්ගේ තදබදය අඩු කර, බරපතළ රෝගීන්ට අවශ්‍ය විශේෂඥ ප්‍රතිකාර වඩාත් කාර්යක්ෂමව ලබාදීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කරයි.

එමෙන්ම දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීම, ඖෂධ ලබාගැනීම නිරීක්ෂණය කිරීම සහ සහන සත්කාර ලබාදීම ද ආරෝග්‍යා මධ්‍යස්ථාන හරහා සිදු කිරීමට සැලසුම් කර තිබේ.

දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස ආරෝග්‍යා මධ්‍යස්ථාන 39ක් ක්‍රියාත්මක වන අතර, ඉදිරි වසර තුළ එය 300ක් දක්වාත්, අනතුරුව මධ්‍යස්ථාන 1,000ක් දක්වාත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads