Type Here to Get Search Results !

“පණු බෙහෙත් ටිකටත් ඉස්පිරිතාලෙට දුවනවා.. අනුරගේ පින්තූර කිරෙන් නාවනවා” – තුෂාරි ජයසිංහ


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

නගරයට කිසියම් අවශ්‍යතාවක් සඳහා පැමිණෙන ජනතාව රෝහලට ගොස් පණු බෙහෙත් පවා ලබා ගැනීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ අවශ්‍ය මෙන්ම අනවශ්‍ය කටයුතු සඳහාද ජනතාව රෝහල් වෙත පැමිණ බෙහෙත් ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය තම අත්දැකීම් අනුව සත්‍යයක් බවයි.

එමෙන්ම පරම්පරා ගණනාවක් විවිධ දේශපාලන පක්ෂ සමඟ සිටි ජනතාව මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පින්තූර කිරෙන් නාවන තත්ත්වයක් ඇති බවද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

ජනාධිපතිවරයා දැක ගැනීම සඳහා ජනතාව තේ කාණු මැදින් පවා පාරට දිව එන බවද ඇය සඳහන් කළාය.

තුෂාරි ජයසිංහ මහත්මිය මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads