සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මෙට්‍රෝ බස් රථ සේවය හඳුන්වා දී ඇත්තේ සාමාන්‍ය බස් මගීන් සඳහා නොව, පෞද්ගලික වාහන භාවිත කරමින් කොළඹට පැමිණෙන ජනතාව පොදු ප්‍රවාහනය වෙත යොමු කිරීම සඳහා බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
පසුගියදා (08) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පෞද්ගලික වාහන භාවිත කරන ජනතාව එම වාහනවලින් ඉවත් කර පොදු ප්‍රවාහන සේවාවට යොමු කිරීම මෙට්‍රෝ බස් සේවාවේ ප්‍රධාන අරමුණ බවයි.
ඒ සඳහා සෑම මෙට්‍රෝ බස් නැවතුම්පොළක්ම ‘Park and Ride’ පහසුකම් සහිත ස්ථානයක් බවට පත් කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන පරාමිතීන් සහ යෙදුමක් (App) අනුව පෞද්ගලික අංශයටද වාහන නැවැත්වීමේ ස්ථාන පවත්වාගෙන යමින් ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ලබන වසර වන විට මෙට්‍රෝ බස් රථ 272කින් සමන්විත ඇණියක් මගින් දිවයිනේ තවත් දිස්ත්‍රික්ක ගණනාවකට මෙම සේවාව පුළුල් කිරීමට කටයුතු කරන බවද ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


