Type Here to Get Search Results !

මුස්ලිම් ප්‍රශ්න නිසා පෙට්‍රල් ලීටරය 450ට නගී..?


ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි. මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතා කිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට බැරි බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්්බුල්ලා මහතා පැවසීය.

ඒ මහතා එසේ අදහස් පළ කර සිටියේ ආණ්ඩුකාර පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසු කාත්තන්කුඩියේ පැවැති ජනතා හමුවකදීය. එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා ලෝකයේ වෙනත් කිසිම රටකට ලබාදී නැති සහනයක් ඉරානය ලංකාවට ලබාදෙනවා. හය මසක ණයකට බොරතෙල් ලබාදෙනවා. අරාබි රටවල් විවිධ ආධාර ලංකාවට ලබාදී තිබෙනවා. ලංකාවට ණය ලබාදෙන රටවල් අතරින් දෙවැනි තැන ගන්නේ අරාබි රටවල්. බදුල්ල – චෙංකලඩි මාර්ග සංවර්ධනය සඳහා කෝටි 2000 ක් ලබා දෙන රට සෞදි අරාබියාව. නැගෙනහිර විශ්වවිඉාලයට කෝටි 200 ක් ආධාර ලබාදෙන්නේ කුවේට් රට ඔපෙක් සංවිධානය

ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රශ්නය දිග්ගැසුණොත් ඉන්ධන ලබාදීම 23% ක ට සීමා කිරීමට සිදුවන බව පවසා තිබෙනවා. එසේ සිදු වුණේ් නම් ලංකාවේ පෙට‍්‍රල් ලීටරයක් රු. 450/- ක් වීමට ඉඩ තිබෙනවා. රටවල් 57 කින් සමන්විත ඕ. අයි. සී. සංවිධානය ඉතා බලවත් සංවිධානයක්, එහි ගන්නා තීරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගන්නා තීරණවලට සමානයි. ඕ. අයි. සී. සංවිධානය මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස දන්වා තිබෙන අතර එසේ නොකළහොත් ආර්ථික සම්බාධක ඇති වීමට ඉඩ ඇති බවට ද අනතුරු අඟවා තිබේ.

රටේ බිම් අඟලක්වත් වෙන්කර අප පාලනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍යතාවකුත් අපට නැහැ. එළඹෙන ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවට සමගියෙන් හා එකමුතුවෙන් සිට තීන්දු තීරණ ගැනීමට සිදුවේවි. නායකයාගේ සිට ගම් මට්ටමේ සාමාජිකයා දක්වා පක්‍ෂ බේද අමතක කර එක්සත්ව කටයුතු කර ප‍්‍රජාවගේ ආරක්‍ෂාව සඳහා එක් විය යුතුයි.

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ අවුරුදු 90 කට පසු මුස්ලිම් අමාත්‍යවරුන් නොමැති ඇමැති මණ්ඩලයක් මේ රටේ ඇතිවී තිබෙනවා. මෙය අභාග්‍යසම්පන්නයි. මින් ඉදිරියට ඇමැති මණ්ඩලයේ හෝ තනතුරුවල හෝ අප සිටිය යුතු නම් මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි.

Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads