දූරියන් ගෙඩියක් ඩොලර් 48,000කට අලෙවි වූ පුවතක් තායිලන්තයෙන් වාර්තා වේ.
මෙය, ලොව මිල අධිකම දූරියන් ගෙඩියේ වටිනාකම ලෙසද සටහන් වෙයි.
"කිං ඔෆ් දූරියන් 2019" නම් පුණ්‍යකටයුතු උදෙසා සිදුකළ වෙන්දේසියක් පසුගියදා බැංකොක් හිදී පැවැත්වුණු අතර, මෙම අවස්ථාවේදී ලොව මිල අධිකම දූරියන් ගෙඩි 09ක් වෙන්දේසි කර ඇත.
මෙම වෙන්දේසිය සංවිධානය කර තිබුණේ තායිලන්තයේ නොතබුරි පළාතේ කෘෂිකාර්මික කාර්යාලය විසිනි.
මෙසේ ලොව මිල අධිකම දූරියන් ගෙඩිය ලෙස අලෙවි වී ඇත්තේ කන්යාඕ (ඛන්යඕ නම් විශේෂයට අයත් දූරියන් ගෙඩියකි.
තායි වෙළඳපොලේ සාමාන්‍ය දූරියන් ගෙඩියක මිල භාත් 500ක් පමණ වුවද, කන්යාඕ දූරියන් ගෙඩියක වටිනාකම භාත් 20,000 ක පමණ සිට ආරම්භ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කන්යාඕ දූරියන් මෙතරම් මිල අධික වන්නේ මෙහි හැඩය, පැහැය හා තදබව හේතුවෙන් බව පැවසේ.
