පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලෙස අපයෝජනයට ලක්කළ දැරියගේ බාප්පා පෙරේදා (11) රාත්‍රියේ යක්කලමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසිතුන් හැවිරිදි වියේ පසුව නාකියදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙකී දැරිවියගේ මව හා පියා කුලි වැඩ කරන අතර දැරිය සිය මිත්තණියකගේ නිවසේ හැදී වැඞී ඇත. මිත්තනිය නිවසේ නොසිටි අවස්ථාවක සැකකරු නිවසට පැමිණ ඇත. නිවස තුළ කෙසෙල්ගෙඩි ඇවරියක් තිබෙන බව පවසා එය රැගෙන එන ලෙස සැකකාර බාප්පා දැරියට පවසා ඇත. දැරිය නිවස තුළට ගිය විට සැකකරු විසින් දැරිය බරපතළ ලෙස අපයෝජනයකට ලක්කොට ඇති බැව් පොලිසිය පවසයි.
අපයෝජනයකට ලක්වූ දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකොට ඇත. සැකකාර බාප්පා ඊයේ (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සහකාර පොලිස් අධිකාරි ගාමිණි ඉහලවෙල, යක්කමුල්ල පොලිස් ස්ථානාධිපති දමිත පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් යක්කලමුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථනාධිපති කා. උ. පො. ප චන්ද් ජයවර්ධන යන මහත්මිය ඇතුළු නිලධාරින් විසින් පරීක්ෂණ පවත්වති.
