පසුගිය වසරෙ කලා පවුලක සුවිශේෂී මංගල්‍යය කිහිපයක් සිදුවුණා. ඒ අලුත් කලා පවුලට පසුගියදා වසරක් සම්පූර්ණ වුණා ඔවුන්ගේ විවාහ දිවියට. වසරක් උදාවීමත් සමඟ ඒ පවුලටම කිරි සුවඳ රැගෙන පුංචි කුමාරිකාවක් ආවා. හැබැයි මේ සියලු වාසනාවන්ත සිදුවීම් පසුපස රහස් අංකයක් තිබෙන බවකුත් කියැවෙනවා. ඒ සියල්ල දැනගන්න අපි අකිලව හමුවෙමු.
අකිල මේ දවස්වල උතුරා යන පිය සෙනෙහසින් නේද? මොකද හිතෙන්නේ ජීවිතයට ලැබුණු පදවිය ගැන?
ජීවිතයට ලැබුණු පදවිය ගැන සතුටුයි. ඒත් ජීවිතයට කියලා එහෙම වෙනසක් දැනුණේ නැහැ. මගේ අප්පච්චි මතක් වුණා. මොකද ඔහු මොන තරම් සතුටු වෙන්න ඇතිද මම වගේම මගේ අනෙකුත් සහෝදරයන් දැක්කාම. ඔහු ඒ තරම් දරුවන්ට ආදරෙයි. මගේ අප්පච්චිට, අම්මාට තවත් දුවෙක් ලැබුණා හා සමානව ඒ දෙන්නා සතුටින් ඉන්නව දැක්කාම ඒ සතුට තරම් මට වෙන සතුටක් නැහැ.
දැන් ඉතින් තනිකඩ කාලේ දාපු සෙල්ලම් බැහැ. වගකීිම් වැඩි බවක්වත් හිතට දැනුණේ නැතිද?
මම තනිකඩ කාලේ ආදරය කරන්න පෙරුම් පිරුවා. පස්සේ ආදරය කළා. ඊට පස්සේ අපි බැන්දා. ඒ බැඳීම සුන්දරත්වයෙන් පිරුණා. බැඳීම් වැඩි වුණා. අද අපි මවුපියන් බවට පත්වෙලා කියන අවබෝධය තියෙනවා. මට දුවෙක් ඉන්නවා කියද්දී වගකීම් වැඩියි. ඉතින් හැමදා අපි සුන්දර, සරල ජීවිතයක් ගෙවන කොට කාලයත් එක්ක අපේ බැඳීමෙන් පවුල සුන්දර වෙයි.
අකිලගේ හිතේ තිබුණු දේ අවසානයේ ඉෂ්ට වුණා නේද?
ඔව්. එදා ඉඳන් මම කිය කියා හිටියේ මට කවදා හරි බැන්දාම දුවෙක් ලැබෙන්නේ කියලා. හැබැයි ගෙදර අයට විහිළුවට කිව්වේ දැන් ඉතින් ඒ විහිළුව සැබෑවෙලා. අපේ අප්පච්චිගේ පරම්පරාවෙත් වැඩිමල් දරුවන් ගැහැනු ළමයෙක්. අප්පච්චිගේ පළමු දරුවත් දුවෙක්. ඉතින් මටත් එය එලෙසම බලපෑවා.
දැන් ඉතින් මේ දවස්වල අකිලට බරටම වැඩ ඇති ගෙදර?
එහෙම කියලා ලොකු වැඩක් නැහැ. නමුත් පසුගිය මාස කිහිපයේ මම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. කරපු වැඩකටයුතු සැලසුම් කරලා තමයි කළේ. ඒ නිසා මට බිරියත් එක්ක අවසාන දවස් කිහිපයෙත් එයාගේ වැඩකටයුතුවලට උදවුවෙලා ඉන්න පුළුවන් වුණා. එක දිගට අවුරුදු දෙකක් නිර්මාණවල වැඩ කරපු නිසා මම හිතුවා මගේම ව්‍යාපාර කටයුත්තක් පටන් ගත්තොත් හොඳයි කියලා. ඉතින් ඉදිරි මාස කිහිපයත් ඒ වෙනුවෙන් වැඩ සැලසුම් කරන නිසා මට දුව ළඟත් මාස හයක පමණ කාලයක් ඉන්න පුළුවන් වෙයි.
පසුගිය දවසක අපි දුටුවා අකිල තාත්තා කෙනෙක් වෙන්නත් කලින් සාර්ථකව පිය චරිතයක් රඟපෑවා?
ඔව්. ‘සක්කාරං’ ටෙලි නාට්‍යයේ මම ආදරය කළා. ඇයව විවාහ කරගත්තා. පසු දරුවා ලැබෙනකම් ඇඟිලි ගනිමින් මඟ බලාගෙන හිටියා. මගේ පොඩි කාලේ ඉඳලත් ඔය වගේ සිහින, බලාපොරොත්තු තිබුණා. ඉතින් ඒ සිහින නිර්මාණයට වගේම මගේ සැබෑ ජීවිතයටත් බලපෑවා.
ඇත්තටම අකිල මොකද්ද මේ දහ අටේ රහස?
ඒ රහස මමත් හොයනවා. අපි හැමෝගේම ජීවිතයට වාසනාව ගෙනාව අංකයක් දෛවය අනුව ලියැවුණු දෙයක්. දහඅට කියන්නේ අපේ පවුලේම ජය අංකයක් බලමු කාලයත් එක්කම දහඅටේ වෙනස මොකක්ද කියලා. මගේ මවුපියන් විවාහ වූයෙත් 1985 දෙසැම්බර් 18. අපේ සහෝදර පිරිස විවාහ වුණෙත් 2018 ජනවාරි 18. මම තාත්තා කෙනෙක් වෙන්න යන බව වෛi සුනිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරලා තිබුණෙත් මැයි 18. මගේ සුදු මැණික අපි ළඟට ආවේත් ජනවාරි 18 තමයි.