Type Here to Get Search Results !

මම හොයන කෙනා තාම ලැබුන් නෑ - රිතූ ආකර්ශා



ඇයගේ රුව දැන් දැකගන්නට නැති තරම්ය. එයට හේතුව සොයන්නට අප ඇයට කතා කළා. මේ වන විට තමන් සුවිශේෂී නිර්මාණයකට සම්බන්ධ වෙමින් සිටින බව තමයි ඇය අප සමඟ ප්‍රකාශ කළේ. ඇය නමින් රිතු ආකර්ෂා.
රිතු ආකර්ෂා මේ දවස්වල හැඩ වැඩ වීම ගැන හිතනවා නේද?
මම කවදත් මගේ රූපය ගැන හිතනවා. ලස්සනට ඉන්න කවුද අකැමැති. මම රංගන ශිල්පිනියක් වශයෙන් රූපය ගැන හිතනවා.
රූපය ගැන හිතුවාට ඔබ දැන් නිර්මාණවල දකින්නට නැති තරම්. මෙයට හේතුව?
එයට හේතු කිහිපයක් තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ අපි සම්බන්ධ වුණා වගේ කලාත්මක, සුන්දර නිර්මාණ දැන් හැදෙන්නේ නැහැ. අපි රඟපාන්න එන්නත් කලින් අපි දැක්කෙ එයට වඩා ගුණාත්මක නිර්මාණ. ඒත් දැන් හැදෙන්නේ අමුතු නිර්මාණ. එහි සුන්දරත්වයක් මම දකින්නේ නැහැ. 
මෙහෙම වීමට හේතුව මොකද්ද?
අද බිහිවන නිර්මාණ මුදල් පසුපස හඹා යමින් ඔහේ කරන්නම් වාලේ කරනවා. ඉස්සර අපි දුරබැහැර ප්‍රදේශවල ගිහින් රූපගත කිරීම් කළේ හරිම සතුටින්. ඒත් දැන් ඒ සතුට පාවෙලා මුදලට යටවෙලා නිර්මාණයේ ගුණාත්මක, කලාත්මක භාවය නැතිවෙලා. 
සමකාලීන ඔබේ මිතුරන් විවාහ වෙනවා. ඒත් ඔබේ විවාහය තවමත් ප්‍රමාද ඇයි?
ආදරය කියන දේ විවාහයෙන් කෙළවර වන දෙයක් නෙවේ. මැරෙන තාක්කල් එකට ජීවත් විය යුතුයි. ඉතින් මම හොයන කෙනා කාලයත් එක්ක ලැබෙයි. දැන්ම එයට දඟලන්නේ නැහැ. තවම ආදරය කරන්න එහෙම විශේෂ කෙනෙක් නැහැ. පොදුවේ හැමෝටම ආදරය කරනවා. 
ඔබේ පියාණන් පොලිස් නිලධාරියෙක්. ඔහු කැමැති වුණාද කලාවට සම්බන්ධ වෙනවට?
මගේ තාත්තා පොලිස් නිලධාරියෙක් වුණාට ඔහුටත් කලාකාමී හදවතක් තියෙන්නේ. තාත්තාට කලාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. තාත්තාත් නිර්මාණවලට ඉඩකඩ ලැබෙන විදියට සම්බන්ධ වෙනවා. ඔහුගෙන් මට එහෙම විරුද්ධත්වයක් තිබුණේ නැහැ.
රිතු ආකර්ෂා සාමාන්‍යයෙන් මොන වගේ කෙනෙක්ද?
හරිම සරල, සාමාන්‍ය කෙනෙක්. සැහැල්ලුවෙන් ජීවිතය සතුටින් ජීවත් වීමට උත්සාහ කරන කෙනෙක්.
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads