Type Here to Get Search Results !

මේ සතියේදී විදෙස් සංචිත ඩොලර් බිලියන 3 පනිනවාලු! හැබැයි සල්ලි එන තැන රහසක්ලු!


දැනට ඩොලර් බිලියන 1.5කට සීමා වී ඇති විදේශ සංචිත මේ සතිය අවසන් වනවිට ‌ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත.

සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් වෙත මේ බව හෙළි කර ඇති කබ්රාල් මහතා එම මුදල් ලැබෙන මාර්ගය පිළිබදව මේ මොහොතේ හෙළි කළ නොහැකි බවද කියා ඇත.

අදාළ මුදල් ලැබුණු පසු එම මාර්ග හෙළිකළ හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

පසුගිය සති අන්තයේ මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් කිහිපයක සංචාරයක නිරත වූ අතර කටාර් වෙතින් ඩොලර් බිලියන 1 ක හුවමාරු පහසුකමක් ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

මේ අතර, මේ වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ආරම්භ වූ ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500 ක ණය මාර්ගය සහ ඩොලර් මිලියන 400 ක හුවමාරු පහසුකම අවසන් කිරීම පිළිබඳ ඉන්දීය රජය සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර එය ලබන වසරේ ජනවාරි මාසයේදී ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads