ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට 51-52%ක ඡුන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කියාව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
අනිවාර්යයෙන්ම අවම වශයෙන් එම සීමාව ලබා ගන්නා බවත් ඊට ද වඩා වැඩි විය හැකි බවත් හෙතෙම කියා සිටී.
මේ වන විටත් තම පක්ෂය මැතිවරණ සටන ආරම්භ කර ඇති බවත් පසුගිය වසර තුනක කාලයක් තිස්සේ මැතිවරණයකට පක්ෂය සූදානමින් සිටි බවද ඔහු පැවසීය.
පසුගිය වසරේ පළාත් පාලන මැතිවරණයකට සූදානම් වූ නමුත් ආණ්ඩුව බිය වී එම මැතිවරණය කල් දෙමු බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.