Type Here to Get Search Results !

‘ඇවන්ගාඩ්’ හාන්සියි.. ඒ වැඩේ කරන්න නාවික හමුදාවට දෙයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමනයේ යෙදෙන වෙළෙඳ නෞකාවන්ට රතු මුහුදේදී සහ ඒන් බොක්ක ඇතුළු සෝමාලියානු සාගර කලාපයේ දී මුහුණ දීමට සිදු වී ඇති මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් එම සාගර කලාපය අධි අවදානම් කලාපයක් ලෙස 2010 ර්වර්ෂයේ දී ප‍්‍රකාශයට පත් කර ඇත.

එම තර්ජනයන්ට පිළියමක් ලෙස අධි අවදානම් කලාපයට ඇතුළුවන වෙළෙඳ නෞකා විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් මඟින් ගිනි අවි රැගත් සමුද්‍රීය ආරක්ෂකයන්ගේ සේවය ලබා ගනු ලබයි.

2023-01-01 වන දින සිට එම අධි අවදානම් කලාපය ඉවත් කර ඇති බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති නමුත්, වාණිජ නෞකා විසින් තවදුරටත් පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම්වල සේවය ලබා ගැනීමට කටයුතු කර තිබේ.

එම සාගර කලාපයට ඇතුළුවන නෞකා සඳහා ගිනි අවි සහිත සමුද්‍රීය ආරක්ෂකයින් නංවා ගැනීමත්, පිටවන නෞකාවන්හි ආරක්ෂාවට යොදවා සිටි ගිනි අවි සහිත සමුද්‍රීය ආරක්ෂකයින් ගොඩ බැස්වීම සඳහාත් ප්‍රධාන වශයෙන් ගාල්ල සහ කොළඹ වරායන් යොදා ගන්නා අතර, ඇත‍ැම් අවස්ථාවන්හි දී හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරායන් ආශ්‍රිතව ද එවැනි සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

එම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ දී ජාතික ආරක්ෂාව සම්බන්ධ පුර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇත. එබැවින්, සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු වලට අදාළව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු දැනුම හා පළපුරුද්ද සැලකිල්ලට ගෙන, සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ස්වාධීනව සිදු කිරීම පිණිස ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ද අනුමැතිය ලබා දීම යෝග්‍ය බව පෙනී ගොස් තිබේ.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads