සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
“ජනතාව මත බර පටවන IMF බදු පනත එපා” මැයෙන් වන සම්මන්ත්‍රණයක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ රුව දැක්වෙන පෝස්ටරයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවති.
ඩිජිටල් සේවා සඳහා 2025 ඔක්තෝබර් මස 12 වන දින සිට සියයට 18ක වැට් බද්ද ඇතුළත් කර තිබීමත්, එසේම 2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකර තිබෙන නිවේදනයට සමගාමීවත් මෙම පෝස්ටරයද සමාජ මාධ්‍ය තුළ share කෙරෙමින් පවතී.
කෙසේවෙතත් එය මේ මොහොතට අයත් නොවන අතර එකී සම්මන්ත්‍රණය 2017 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයක විසින් පවත්වනු ලැබූවකි.
එබැවින් ජනතාව මෙවැනි දුස් තොරතුරු සම්බන්ධව අවධානයෙන් සිටිය යුතුව තිබේ.
ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය හමුවේ රට වැටී තිබූ තැනින් ගොඩගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දියත්කළ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානයක පාලනය යටතේද ක්‍රියාත්මකය.
ඊට අදාළ සිව්වැනි සමාලෝචනය ද පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලදී.