Type Here to Get Search Results !

“සූරසේන මහත්තයා හරියට වැඩේ කරනවා.. දැන් නඩු වේගෙන් ඇහෙනවා” - වසන්ත සමරසිංහ


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මහජන දේපළ අවභාවිත කිරීම සහ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට නීතිය මගින් දඬුවම් ලබා දීම මෙන්ම, ඔවුන් අයථා ලෙස උපයා ගත් දේපළ හා මුදල් යළි රජයට පවරා ගැනීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, හොරකම නැවැත්වීම පමණක් නොව, අයථා ලෙස ලබාගත් දේපළ යළි අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ ද සිදු කරමින් පවතින බවයි.

අපරාධ මගින් රැස් කරගත් දේපළ යළි පවරා ගැනීමේ පනත යටතේ මේ වන විට රුපියල් මිලියන 4,000කට අධික වටිනාකමකින් යුත් දේපළ රජයට පවරා ගැනීමට කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.

අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව පිළිබඳව අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ විනිසුරුවරුන් සිය රාජකාරි නිසි පරිදි ඉටු කරමින් සිටින බවයි.

විශේෂයෙන් අගවිනිසුරුවරයාගේ කාර්යභාරය අගය කළ අමාත්‍යවරයා, ඔහුගේ සේවා කාලය අවසන් වීමට පෙර අදාළ නඩු කටයුතු කාර්යක්ෂමව මෙහෙයවමින් සිටින බව සඳහන් කළේය.

අධිකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම, අවශ්‍ය පහසුකම් ලබාදීම සහ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම, නීතිය ක්‍රියාත්මක වීම හමුවේ විපක්ෂය දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත්, මීට පෙර නීතියෙන් බේරී සිටිය හැකි යැයි සිතා සිටි ඇතැම් පිරිස්වලට මේ වන විට බන්ධනාගාරගත වීමට සිදුව ඇති බවත් වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads