වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තවත් රැදවියන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
එම ආසාදිතයන්ගේ 22 දෙනෙක් කාන්තා රැදවියන්ය.
මේ සමගම වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 30 දක්වා ඉහළ යයි.
එම බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි කටයුතු සදහා යොදවා සිටි රැදවියෙකුද කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් ඊයේ දිනයේ රැදවියන්ගේ දිවා ආහාරය ලබා දීම පැය කිහිපයකින් ප්‍රමාද වී තිබේ.