නිරෝධායන ඇදිරි නිතිය පනවා තිබියදි රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට (17) දින පස්වරුවේ අවසර ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය.
ඒ අනුව හැටන් ඇතුළු අවට නගර වල රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ මත්පැන් මිල දි ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන්විය.
රටබිම මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට පොලිම් පාලනය කිරිමට පොලිස් නිලධාරින් කටයුතු කරනු ලැබුහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
Yakka Puthun
ReplyDelete